9. ලෝ අඩ නින්දේ
Latha Walpola & CT Fernando
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ.... ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ... රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ.. කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා පහලට බැස යයි දිය රැල්ලේ නාමල් පිපිලා නැලවෙති සුළඟේ සුවඳ හමා දසතේ... සෝබන මේ නදියේ.... සෝබන මේ නදියේ.... සඳරැස් වැතිරෙන්නේ... ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ... ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ දැන් දැන් මා හද නලවන්නේ මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ දසතම පැතිරෙන්නේ... කවුරුද ඇල්හේනේ.... කවුරුද ඇල්හේනේ.... ගී හඬ පතුරන්නේ.... ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ... රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ... ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ.. රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ...
<>