4. මල්බර හිමිදිරියේ
Neville Fernando and Rukmani Devi
මල්බර හිමීදිරියේ... කොයිබද සමනලියේ... යන්නෙ හිරු එළියේ... කියන්න සියුමැළියේ... සිතල මද පවනේ... මම මල් ගොමු වෙත යන්නේ... මා සොයමින් එන්නේ... මගෙ පෙම්වත හමුවන්නේ... මී මැසි බඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමී ලා හිරු රැස් වැද බබලන ඔබෙ අත් තටු මම සිපගනිමී.. රන් තරු මුතුවැල් කිරුලක් සාදා ඔබේ හිසේ තබමී... රන් විමනක් මැද ඔබ වෙනුවෙන් පෙම් රජදහනක් මවමී... මල්බර හිමීදිරියේ... කොයිබද සමනලියේ... යන්නෙ හිරු එළියේ... කියන්න සියුමැළියේ... සිතල මද පවනේ... මම මල් ගොමු වෙත යන්නේ... මා සොයමින් එන්නේ... මගෙ පෙම්වත හමුවන්නේ... මල් පෙති අග රැඳි පිණිබිඳු එක් කොට ඔබෙ මුව පිරීමදිමී... මල් වල රොන් ගෙන පෙම හා මුසු කොට රස කර එය පොවමී... මල් අතරින් මම හොඳම මලක් ගෙන ඔබ වෙත එය පුදමී... ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමී.. සිරිබර හිමිදිරියේ...ආසිරි පැතිරෙන්නේ... මල් පෙති විසිරෙන්නේ..ගී හඬ මුසු වෙන්නේ කොවුලන් නද දෙන්නේ... පොඩි කුරුලන් රඟ.. දෙන්නේ.. අප දෙස බලමින්නේ.. උන් සැමදෙන හිනැහෙන්නේ.
<>