26. පුන්සඳ හිනැහෙන්නේ
CT Fernando
පුන්සඳ හිනැහෙන්නේ... වන මල් පිබිදෙන්නේ... ලස්සන ඔබෙ මුහුණේ... දැක්කම නොවැ මැණිකේ... කොයිබද ඔබ යන්නේ මේ උදය ම අප ලන්දේ.... මගෙ පැල්පත පැත්තේ ඔබ සම්පත ගෙන එන්නේ..... වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි කියමී... සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමී... ඔබ නිදියන තුරු පැල තුළ ඉඳගෙන නැළවිලි ගී ගයමී... උදය සවස මම ඔබෙ පා යුග හිමියෙනි සැමදා වඳිමී..... පුන්සඳ හිනැහෙන්නේ... වන මල් පිබිදෙන්නේ... ලස්සන ඔබෙ මුහුණේ.... දැක්කම නොවැ මැණිකේ..... කොයිබද ඔබ යන්නේ... මේ උදය ම අප ලන්දේ... මගෙ පැල්පත පැත්තේ... ඔබ සම්පත ගෙන එන්නේ..... නිල් දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමී... සඳ ඇති කාලෙට ඔබෙ සුදු අත ගෙන ගංතෙර වෙත දුවමී..... පලතුරු යුෂ ගෙන මී පැණි දවටා රස කර එය පොවමී කුඹුරට යන්නට පෙර බත ඇඹුල ද සාදා ඔබට දෙමී.... පුන් සඳ හිනැහෙන්නේ.. වන මල් පිබිදෙන්නේ.. නිල් දිය බැස යන්නේ... ආසිරි පුද දෙන්නේ.. මොනරුන් රඟ දෙන්නේ...... පොඩි කුරුලන් නද දෙන්නේ... අප දෙස බලමින්නේ... උන් සැමදෙන සැනසෙන්නේ.. ආ ...ආ ........ආ ...ආ....ආ... ආ ...ආ ........ආ ...ආ....ආ... ආ ...ආ ........ආ ...ආ....ආ... ආ ...ආ ........ආ ...ආ....ආ...
<>