29. අවසර නැත මට ඔබේ අත ගන්නට

Milton Mallawarachchi

අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරිකම මිස ඔබ සිහින ලොවේ ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැම් බැද ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

<>